Spread the love

අයිස්ක්‍රීම් මිලදී ගැනීමට ගිය පොලිස් කාන්තා නිලධාරිනියන් දෙදෙනකුට වාචික ලිංගික බලපෑමක් කළේ යැයි චෝදනා එල්ල කරමින් පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති වෙ‍ෙළඳ සැලක හිමිකරුවෙක් අලවතුගොඩ පොලිසිය පසුගියදා (21) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුගස්තොට උගුරැස්සපිටියේ පදිංචිකරුවෙක් වන 28 හැවිරිදි ව්‍යාපාරික තරුණයෙකි.

පොලිස් කාන්තා කොස්තාපල්වරියන් දෙදෙනෙක් ඉකුත් 20 වෙනිදා මෙම වෙ‍ෙළඳ සැලට පැමිණ ඇත්තේ අයිස්ක්‍රීම් මිලදී ගැනීමටය. එහිදී ඔවුන් සතුව අයිස්ක්‍රීම් ලීටරයක් මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදලක් තිබී නැති බව සඳහන්ය.

එම නිසා කොස්තාපල්වරියක් ‘ඉතිරි මුදල් මුදලාලි දානවද?’ කියා විමසා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඊට වෙ‍ෙළඳ සැල් හිමිකරු ප්‍රතිචාර දක්වා ඇත්තේ ‘ආ වරෙන්කෝ ඇතුළට දාන්න’ යැයි කියාය.

ඒ තුළින් මෙම නිලධාරිනියන්ට ලිංගික බලපෑමක් වූයේ යැයි සඳහන් කරමින් සහ එම ප්‍රකාශයෙන් ලැජ්ජාවක් සහ පිළිකුලක් ඇති වූ බවට පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් සටහන් කර ඇති බවත් ඒ අනුව වෙ‍ෙළඳ සැල් හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.