Spread the love


විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් මින් ඉදිරියට PCR පරීක්ෂණ කරගතයුතු නැතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

ඒ අනුව මෙතෙක් පනවා තිබු කොවිඩ් නීති කිහිපයක් අද (07) සිට ඉවත් කර තිබේ.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් PCR පරික්ෂණ වාර්තාව අනිවාර්ය කර තිබූ නීතිය අද සිට අහෝසි වන බවයි ඔහු සඳහන් කළේ. කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට වන සහතිකය ද අද සිට අනිවාර්ය නොවන බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් සඳහන් කලේ.