Spread the love


ලෝකයේ රටවල තිබෙන ප්‍රධාන වරායන් හරිත වරායන් බවට පත්වීමත් සමඟ කොලඹ වරායද ලබන වසරේදී කඩිනමින් හරිත වරායක් බවට පරිවර්තනය කරන බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
හරිත වරාය සංකල්පය ක්‍රියාත්මක කිරීම පිලිබඳව ලෝකයේ ප්‍රධාන රටක් වන චීන රජය කොලඹ වරාය සඳහා අදාල තාක්ෂණය ලබා දීමට සිය කැමැත්ත පල කර ඇත.
ඒ අනුව චීනයේ ෂැංහායි නාගරික ප්‍රවාහන කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වොන්ග් ෂියාඕ ජී (wang xia Jie ) මහතා ඇතුළු නියෝජිත පිරිසක්, වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්චාවක් පසුගියදා අමාත්‍යංශයේදී පැවැත්වුහ.

මෙම සාකච්චාවේදී දෙපාර්ශවය විසින් වෙලඳ නාවික කේෂත්‍රයේ දෙරටට බලපාන ගැටළු පිලිබඳව සාකච්චා කරන ලදී.එමෙන්ම නාවික භාණ්ඩ සහ බහාලුම් ප්‍රති අපනයනය කිරීම සඳහා කොලඹ වරාය වැඩි වශයෙන් පරිහරණය කිරීමටද කැමැත්ත පල කර සිටියේය.
මෙහිදී නිබඳව ශ්‍රි ලංකාවේ සංවර්ධන කටයුතු සහ විශේෂයෙන් නාවික හා ගුවන්සේවා කේෂත්‍රයේ කටයුතු සඳහා ලබා දෙන සහය පිලිබඳව චීන රජයට සිය කෘතඥතාවය අමාත්‍යවරයා විසින් පල කරන ලදී.
මෙම සාකච්චාව සඳහා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.