Spread the love

වැල්ලම්පිටිය වේහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකර කොන්ක්‍රීට් බැම්ම කඩා වැටීමෙන් 01 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියන් මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා කමිටුවක් පත්කර ඇතිබව බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක මහතා පැවසීය.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතාට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දි ඇති අතර එම වාර්තාව සතියක් තුළ ලබාදීමට නියමිතයි.

වාර්තාව ලැබුණු පසු වැරදි කරුවන්ට අවශ්‍ය පියවර ගන්නා බව වැඩිදුරටත් පැවසීය.

අනතුරින් තුවාල ලැබූ තවත් සිසුවෙකු අසාධ්‍ය තත්වයෙන් පසුවන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.