Spread the love

යුරෝපා සංගමය, අන්තර්ජාතික සහයෝගිතාවය පිළිබද ජර්මානු නියෝජිතායතනයා ලබාදුන් රුපියල් මිලියන 80ක මුදලකින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තොරතුරු තාක්ෂණික පද්ධතියකට ඇතුළත් කෙරේ.

කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ඩිජිටල් රක්ෂණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ වැඩ සටහන Green Impact Week – Launching of AAIB Digital Insurance for Farming Community ඊයේ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේ දී සිදු කෙරිණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් සහයෝගිතා අංශයේ ප්‍රධානී Yohan Hayzer, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. බී. හේරත්, මොහාන් ද සිල්වා හා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්.බී. වීරසේකර යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.