එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මහා සමුළුව, පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම, තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
එහිදී අදහස් දැක්වූ රණවක මහතා ඉතිහාසයේ පටන් දේශපාලනයට චණ්ඩින් පාතාලයන් එක්ව සිටි බව සිහිපත් කළේය.
සේනානායක, බණ්ඩාරනායක, පොන්නම්බලම් මහත්වරුන් ළඟ පිළිකන්නේ චණ්ඩි සිටි බවත්, ඔවුන් නිවසට වද්දා නොගත් බවත් ජේ.ආර්. ජයවර්ධන මහතා චණ්ඩින්ව ජාතික සේවක සංගමය හරහා ගොඩනගමින් සිරිකොත කුස්සියට ගෙන ආ බවත්, ප්‍රේමදාස මහතා විසින් ඔවුන් සාලයටම ගෙන්වා ගත් බවත් මතක් කළේ ය. ඒ කාලයේම රතු චණ්ඩි රතු පාතාලයක් නිර්මාණය කළ බවත්, ප්‍රා වැනි කල්ලිවල ද චණ්ඩි සිටි බවත් මහින්ද රාජපක්ෂ විසින් මේ පාතාලය රටේ ඉහළම තලයට ගෙනැවිත් පක්ෂය, රාජ්‍යය සහ පාතාලය එක්කළ බවත් රණවක මහතා පෙන්වා දුන්නේය. අද වන විට චණ්ඩි පාතාලය ක්‍රමයෙන් දේශපාලනය, මාධ්‍ය, මූල්‍ය පද්ධති, රාජ්‍යය, ව්‍යාපාරික ලෝකය ගිලගෙන දේශපාලන පාතාලයක් නිර්මාණය කර තිබේ. මෑත දී සිදුවූ ඉහළම වංචාව කටුනායක IVS වීසා මංකොල්ලය උදාහරණ ලෙස ගෙනහැර පෑවේය.
“රතු පාට කට්ටියට අද පොලිස් ඇමැතිට නමවත් මතක ද? ඊට හේතුව දේශපාලන පාතාලය අද රටේ සෑම අස්සක මුල්ලකම පැතිරිලා. මේ රටේ සමාජ පාතාලයත්, දේශපාලන පාතාලයත් මැඩපවත්වලා රට කුසලතා පූර්ණ පරපුරට භාරදෙන්නයි එක්සත් ජනරජ පෙරමුණ එන්නේ.
මාසයක් ජීවත් වෙන්න 17.000 – 4 දෙනෙකුට 65,000 ක් විතර යනවා අවම ජීවිතය ගෙනියන්න. රජයේ සේවකයන්ට පාසල් ගුරුවරයට පුලුවන්ද.. ? රාජ්‍ය සේවයේ හැමතැනම වේදනාව, අතෘප්තිය පැතිර ගිහින් තියෙනවා. ඉල්ලීම් දිනාගැනීමේ නව ක්‍රමවේද භාවිත කරන්න. දේශපාලන න්යායපත්ර නෙමෙයි ජනතාවගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න.
ආණ්ඩුවට සල්ලි නෑ වැට් බද්ද තව 3% කින් වැඩි කරන්න කියලා මුදල් අමාත්‍යාංශය කියනවා. බදු සහන ලැයිස්තුවක් ; එකක් වැට් බදු සහනය රු. බිලියන 534 ක්. වැඩ කරන ජනතාවට ඒ මුදලින් රු. 30,000 ක වැටුප් වැඩිවීමක් දන්න පුලුවන් සුරාබදු, දේශිය ආදායම්, බැංකු පොලු,, සාමාන්‍ය ජනතාවට හැමදේටම බදු ගහනවා. බදු එකතු කරන ක්‍රියාවලිය රාජ්‍ය ප්‍රතිව්‍යුහගතකරණ නව ක්‍රියාමාර්ගයක් අපි යෝජනා කරනවා. රාජ්‍යය ජනසතුකරණය. මූල්‍ය පාලනය හා රාජ්‍යය ඩිජිටල් යටිතල පහසුමකට යටත් කිරීම, රාජ්‍යය කුඩා කිරීම හා කාර්යක්ෂම කිරීම: ඩිජිටල් වේදිකාවට කුළුනු තුනක් අපි යෝජනා කරලා තියෙනවා.
- ප්‍රසම්පාදන කුලුන : ආහාර, ඖෂධ, පොහොර, ඉන්ධන ප්‍රසම්පාදනය ඩිජිටල්කරණය සහ කාර්යක්ෂම කිරීම
- ආණ්ඩුවේ සේවා කුලුන: රජයේ සහතික, බලපත්‍ර, බිල් හා දඩ ගෙවීම් ඩිජිටල්කරණය සහ කාර්යක්ෂම කිරීම
- මූල්‍ය ගනුදෙනු වේදිකාව – Unified Payment Interface (UPI)
“ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ගත්ත ක්‍රියාමාර්ග නිසා රු. 800 ට ගිය ලොකු ලූණු කිලෝව රු. 200 ට බස්සන්න පුලුවන් උනා. අපිට ආණ්ඩුවක් දුන්නා නම් කොහොම වෙයි ද? ඔන්ලයින් ක්‍රමය යටතේ රජයේ ඕනෑම සහතිකයක් කාටවත් කප්පම් ගෙවන්න ඕන නැති ක්‍රමයක් අපි රටට ගේනවා. බිල් ගෙවන්න, දඩ කොළ ගෙවන්න කිව් ආර් කේතය හරහා වන – සියලුම ගනුදෙනු එකම ඩිජිටල් වේදිකාව හරහා ගෙවන්න පුලුවන් එකක, කිසිම වැට් බදු වැඩි කිරීමක් සිදු නොකර රජයේ ආදායම් වැඩි කරගන්න පුලුවන්. පුලුවන් නම් අපිට භාරදෙන්න දේශීය ආදායම්, සුරාබදු, රේගු ආදායම් වැඩි කරලා පෙන්වන්නම්.
ලෝකය පුරාම ඩිජටල්කරනය කරන්න යන්නෙ අපේ මිනිස්සු, ඉන්දියාවේ, බංගලිදේශයෙ පුලුවන් නම් ඇයි අපිට බැරි?
නවීකාරක ඉදිරිය හරහා අපි උත්සාහ කරන්නෙ ඔබ බලවත් කරන්න. රාජ්‍යය ජනසතුකරනවා. රාජ්‍යය ලක්ෂ 220 ජනසතු කිරීම තමයි ජනරජ පෙරමුණේ ප්‍රතිපත්තිය. රාජ්‍ය ආයතන 1200 රාජ්‍ය ආයතන 800 ක් දක්වා අඩු කිරීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අපි යෝජනා කරලා තියෙනවා. රජයේ සේවකයො ලක්ෂ 10 ගෙදර යවන්න බෑ. රාජ්‍ය සේවකයාගේ කාර්යසාධනය මැන බැලිය යුතුයි. ඉලක්ක සපුරන අයට වැඩි වැටුපක්, ප්‍රතිලාභයක් ලබා දෙන ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යයි.