Spread the love

නිමල් රාජපක්ෂ-

මින් ඉදිරියට කිසිදු සමාගමකට කිසිදු හිග බදු මුදලක් ඇතිවන්න ඉඩ නොතබන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම් .ජේ ගුණසිරි මහතා පවසයි.
පසුගිය දිනවල හිගබදු තිබෙන සමාගම් වලට බලපත්‍ර දෙනවා කියලා අනවශ්‍ය ප්‍රචාරයක් යනවා. සුරාබදු දෙපාර්තුමේන්තුවේ කාර්ය භාරය තමයි නියමිත බදු අයකර ගැනීම හා ඒ සමාගම් වලට පහසුකම් සපයන එක සුරාබදු දෙපාර්තුමේන්තුව රාජ්‍ය ආදායමේ තුන්වන ස්ථානයට වග කියන ආයතනයක් . ඉතින් අදාල ආයතන වහලා බදු අයකරනවාද . පවත්වාගෙන යමින් බදු අයකරනවාද යන්න ගැටලුවක් තිබෙනවා. අවුරුදු 15 කට වඩා පැරණි බදු තිබෙනවා .ඒම සමාගම්වල බද්ද බිලියන 3 බදු යි .බිලියන 4 තිබෙනේ ප්‍රමාද ගාස්තුයි.ඉතින් මේ නිසා ඉතිරි වී තිබෙන්නේ බිලියන 1.5 ක්. .ඒසදහා සමාගම් එකග වෙලා තිබෙනවා මේ වසරතුළ ගෙවා ඉවර කරන්න . නමුන් මින් ඉදිරියට කිසිදු හිග බදුමුදලක් ඇතිවන්න ඉඩ තබන්නේ නැහැ. එක සමගමකටවත් හිග හිටින්න දෙනනේ නැතැයිද ගුණසිරි මහතා වැඩි දුරටත් පැවසුවේය.


තව දුරටත් අදහස් දැක්වු සුරාබදු කොමාසාරිස් ජෙනරාල්වරයා ,බීඩි වලින් රුපියල් බිලියන 2 ආදායමක් මේ වසරේ බලාපොරොත්තුවෙනවා. බීඩි කොල ආනයනයේදී විශාල අක්‍රමිකතා සිදුවනවා. ලංකාවට බීඩි කොල කිලෝග්‍රෑම් බිලියන 1.5 පමණ අවශ්‍යයි. ලක්ෂ 12 පමණ එන්නේ වෙනවෙන ආකාරයට . සියළුම නීත්‍යාකුල නොවන තෙන්ඩු කොල අත්අඩංගුවට ගෙන තිබෙනවා . අපේ නිලධාරීන් ජීවිත අවධානම පවා නොතකා ගොස් මුහුදු මගින් එන තෙන්ඩු කොල බෝට්ටු පිට්න් අත්අඩංගුවට ගෙ න තිබෙනවා. ඒ සදහා විශාල දඩ මුදල්ද අයකර තිබෙනවා.


මේ වනවිට බීඩි නිෂ්පාදකයින් ගෙන්වා දැනුවත් කරනවා .ඹවුන්ගේ බදු ආදායම ගෙවන්න කියා. එසේ නොවන අය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වාගේම බීඩි සදහා නියමිත මිලක් තිබිය යුතුයි. ඉතා අඩු ගනන් වලට බීඩි අලෙවි කරන්නන් සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කරනවා .මන්ද බදු ගෙවන නිෂ්පාදකයිනට අසාධාරණයන් වන නිසා .එසේ වුවහොත් ඹවුන්ගේ නිෂ්පාදන බලපත්‍ර පවා අත්හිටුවිමට කටයුතු කරනවා මේ වනවිටත් 294 කගේ ලියුම් යවා තිබෙනවා .පසුගිය වසරේ කිසිදු බද්දක් ගෙවානැහැ කියා බදුනොගෙවුවහොත් ඹවුන්ගේ නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට දෙපාරක් නොසිතන බවද සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා අවසාන වශයෙන් පැවසුවේය.

තවදුරටත් අදහස් දැක්වු ගුණසිරි මහතා ,