Spread the love

කිලිනොච්චිය අධිකරණය මගින් රාජසන්තක කරන ලද සියලුම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියකින් අලෙවි කිරීමට නියමිත බව එම අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයා විසින් නිවේදනය කර තිබෙනවා.

එම අධිකරණය මගින් රාජසන්තක කරන ලද විශාල වාහන තොගයක් මෙවන විටත් අධිකරණ ගබඩාව භාරයේ පවතිනවා.

රජ සන්තක කර වසර ගණනාවක් වුවද මෙතෙක් එම වාහන සම්බන්ධයෙන් කිසිවෙකුත් හිමිකම් කියා නොමැති බවයි අධිකරණ රෙජිස්ටර්වරයා පවසන්නේ.

ඒ හේතුවෙන් අදාළ වාහන එළඹෙන විසි වන සෙනසුරාදා දින පෙරවරු නවයට අධිකරණ භූමියේ ප්‍රසිද්ධ වෙන්න එසේ විකුණා දැමීමට කටයුතු යොදා තිබෙනවා.

වෙන්දේසි කිරීමට නියමිත වාහන සම්බන්ධයෙන් කිසිවෙකු අයිතිය ප්‍රකාශය කරන්නේ නම් එදින නියමිත වේලාවටම පැය භාගයකට ප්‍රථම තම තම අයිතිය තහවුරු කළ යුතු බවද අධිකරණ රෙජෙස්ටර්වරයා විසින් දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් වෙන්දේසි දින උදෑසන නවයට පෙර සියලු වාහන පරීක්ෂා කළ හැකි බව සඳහන් කරන රෙජිස්ටර්වරයා විඳිසියේම වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන ගැනුම්කරුවන් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කර සිටිය යුතු බවද ඔහු පෙන්වා දෙනවා…

වාහන ගැනුම්කරුවන් වාහන මිලදී ගැනීමට අවශ්‍ය සියලු ලිපි ලේඛන රැගෙන ආ යුතු බවද අධිකරණ රෙජෙස්ටර්වරයා විසින් තවදුරටත් දැනුම්දී තිබෙනවා.