Spread the love

කැලණි ගඟේ දිය නෑමට ගොස් සිටියදී කිඹුලෙකුට ගොදුරුවූ දරුවාගේ සිරුර අද පස්වරුවේ පොලීසිය පොලිසිය සොයා ගෙන ඇත.දරුවා සොයාගැනීම සදහා පොලිස් නාවික කොට්ඨාසය සහ නාවික හමුදා කිමිඳුම් නිලධාරීන් මෙහෙයුමක් දියත් කර තිබිණ..
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කඩුවෙල, වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ පදිංචි දිස්න ප්‍රබෝද් නම් 09 හැවිරිදි දරුවෙකි.
දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වූ දිස්න,කඩුවෙල වැලිවිට ශාන්ත මරියා විද්‍යාලයේ පස්වන ශ්‍රේණියේ ඉගෙණුම ලැබීය

සිරුර කොළඹ අධිකරණ වෛද්‍යනිලධාරී වෙත යොමුකිරීමෙන් අනතුර හෙට පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබේ.