Spread the love


නිමල් රාජපක්ෂ –

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දහයක් තුළ කළ සෝදිසි මෙහෙයුම් වලින් නීති විරොධී මත්පැන් ජාවාරම් කරුවන් අත්අඩ’ගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත්කොට , බලපත්‍ර ස්ථාන වලට සිදු කලවැරදි සදහා කාර්මික වාර්තා ඉදිරිපත්කොට සමථ ගාස්තු අයකර ,බීඩි කර්මාන්ත කරුවන් ගෙන් බදු මුදල් අයකර රුපියල් මිලියන 300 ආදායමක් රජයට ලබා දීමට සමත්වු බව කෑගල්ල සුරාබදු අධිකාරී ඒ .ආර්. ලැම්බට් මහතා පවසයි.

මෙසේ ආදායමක් රජයට ලබා දීමට හැකිවුයේ 2023 වසරේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් 31 වැනිදින දක්වා සිය බලප්‍රදේශයේ සිදුකළ වැටලීම් වළිණි. මෙහිදි නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් 900 ක් කොටුකරගෙන කෑගල්ල , රුවන්වැල්ල හා අවිස්සාවේල්ල යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් මිලියන 28 දඩ ආදායමක් ලබා ගැනීමට සමත්වී ඇත.

බලපත්‍ර ස්ථාන වලින් හෝටල් ආපන ශාලා රටබීහල් වැනි ස්ථානවල සිදු කළ වැරදි සදහා කාර්මික අපරාධ වාර්තා ලබාදී ඹවුනගේ පෙරවැරදි සලකා බලා සහකාර සුරාබදු කොමසාරිස් සමන්ත කොස්තා මහතා වෙත ඉදිරිපත් කොට රුපියල් මිලියන 40 සමථ ගාස්තුවක් අයකර ගැනීමට හැකිවු බවද ලැම්බට් මහතා පැවසුවේය.
ඉතිරි මිලියන 240 බදු ආදායමක් අයකර ගැනීමට හැකිවුයේ බිඩී කර්මාන්ත කරුවන්ගෙණි.

කෑගල්ල හා රුවන්වැල්ල යන සුරාබදු කාර්යාල දෙකක් කෑගල්ල සුරාබදු අධිකාරී කාර්යාලය යටතේ ක්‍රියාත්ම වුවද දැඩි දුෂ්කරතා මධ්‍යයේ නිලධාරීන් 25 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමකින් මෙම වැටලීම් සිදු කිරිමට දැඩි පරිශ්‍රයයක් යෙදීමට සිදුවී තිබිණ.

තවදුරටත් අදහස් දැක්වු කෑගල්ල සුරාබදු අධිකාරීවරයා ,

කෑගල්ල සුරාබදු අධිකාරී සමන්ත කොස්තා මහතාගේ උපදෙස් මත, කෑගල්ල සුරාබදු අධිකාරී ඒ .ආර්. ලැම්බට් මහතාගේ අධීක්ෂණය යටතේ, කෑගල්ල සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ගැමුණු කුමාරගේ මහතාගේ මෙහෙයවීමෙන් ,, කෑගල්ල සුරාබදු පරික්ෂක ඊ.ඒ.ඩබ්ලිව්. කේ ඒකනායක , සැරයන් වරුන්වන සී.එම් . නානායක්කාර් ,පී.එම් ගුණසේකර , කෝප්ප්‍රල්වරුන්වන ඩී.අර්.ජී.එස් බණ්ඩාර ,ඩී.එම්.බී බණ්ඩාර ,අතපත්තු , දස්කොන් , නියාමක කරුනාතිලක , රියදුරු විතානවසම් , රුවන්වැල්ල සුරාබදු ස්ථානාධිපති එම්.එස්.ඒ කුමාර, පරීක්ෂකවරුන්වන ආදිපත්තු , සැරයන් මේජර් ගම්ලත් , නියාමකවරුන්න ඩයස් , රත්නායක ,සිරිවර්ධන, ප්‍රේමවර්ධන , රියදුරු වීරසිංහ යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ