Spread the love

කැළණිය විශ්ව විද්‍යාලයේ වසා දමා ඇති පීඨ කිහිපයක් ලබන සඳුදා (11) යළි විවෘත කරන බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි..

ඒ අනුව විද්‍යා පීඨය, පරිගණක තාක්ෂණ පීඨය, වාණි​ජ හා කළමනාකරණ පීඨය මෙලෙස ලබන සඳුදා දිනයේ විවෘත කරන බවයි සඳහන් ..

සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු නිලධාරීන් දෙදෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් පසුගිය 5 වනදා වෛද්‍ය පීඨය හැර අනෙකුත් පීඨ වසා දැමීමට තීරණය කර තිබිණ..