Spread the love

එළවලු මිල පසුගිය දිනවලට සාපේක්ෂව යළි ඉහළ ගොස් ඇති බවත් පහත වැටී තිබූ කැරට් කිලෝවක් යළිත් රුපියල් 1,800ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසයි.

අමුමිරිස් ඇතුළු සෙසු එළවළු මිලද පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ ඉහළ ගොස් ඇති බවත් මෙයට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස වෙළඳ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.