Spread the love

රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචන වාර්තාව ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතීත්වයෙන් යුතුව නිලධාරී කමිටුවක් පත් කිරීමට 2024-12-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබූ බවයි සඳහන් වෙන්නේ.

එම කමිටුව විසින් ආයතන 160ක් සමාලෝචනය කර ඇති අතර, ඉන් විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන 36 ක් සමාලෝචනය කිරීම සඳහා ක්ෂේත්‍රයේ සාමාජිකයින්ගෙන් සමන්විත අනු කමිටුවක සහාය ලබා ගැනීමට තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම ආයතන 36 හැර ඉතිරි ආයතන 124 කාණ්ඩ 09 ක් යටතේ වර්ගීකරණය කරමින් කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කර තිබෙන අතර, එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.