Spread the love


නිමල් රාජපක්ෂ-

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය උඩරට මාර්ගයේ හා ප්‍රධාන මාර්ගයෙ දුම්රිය ධාවනයට බාධා සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

උඩරට දුරිය මාර්ගයේ දෙමෝදර සහ හාලිඇල දුම්රිය ස්ථාන අතර මාර්ගයට පස් කන්දක් කඩාවැටීමෙන්, උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මේ වන විට මතුව ඇත. පසුගිය වසරවලට වඩා මෙම වසර තුළ පස් කඳු කඩා වැටීම නිසා උඩරට මාර්ගයේ ගමනාගමනයට විශාල වශයෙන් බලපෑම් එල්ල ඇත . මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධරීන් මැදිහැත්වී බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් දුම්රිය මාර්ගයේ පස් ඉවත් කිීරීමේ කටයුුතු සිදු කෙරේ.


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට ද බාධා.

පවතින වර්ෂාව සමඟ රාගම හා වල්පොල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය වෙත ගසක් කඩා වැටීමෙන් ප්‍රධාන මාර්ගයේ එක් මාර්ගයක් අවහිරව ඇත. මෙම නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමන මේ මොහොතේ සිට ප්‍රමාද වේ.
මෙවැනි අයහපත් තත්ත්වය හමුවේ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියන් දෙක ධාවනය කරන බවද දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය වන වේලාවට වෙනත් බලවේග කට්ටල දුම්රියක් ද , බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අද දින ඇල්ල දුම්රිය ස්ථානයෙන් වෙනත් බලවේග කට්ටියක් ලෙස ද එම වේලාවන් වලටම ධාවනය කිරීමට දුම්රිය
දෙපාර්තමේන්තුව කටයුතු යොද ඇත