Spread the love

සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ අරාබි මුහුදු ප්‍රදේශයේ මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් මෙම කලාපය තුළ විටින් විට පැයට කිලෝමීටර 60 ක් 70 ත් අතර වේගයකින් සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එබැවින් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වපින් වැලකී සීටින ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට උපදෙස් නිකුත් කර ඇත. එසේම බෙංගාබොක්ක මුහුදු ප්‍රදේශවල සහ අරාබි මුහුදු කලාපය තුළ ද ධීවර සහ නාවුක කටයුතු වලින් වළකින්නැයි ලෙසක් මේවන විට එම කලාපයේ දීවර සහ නාවුක කටයුතු වල නිරත වන පිරිස් ඇත්නම් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යාත්‍රා කරන මෙන් ද එම නිවේදනයේ තවදුරටත් උපදෙස් ලබා දී ඇත.

එසේම කල්පිටිය සිට කොළඹ ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල රළ මට්ටම ඉහළ යා හැකි බවත් මේ හේතුවෙන් කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකි බව නිවේදනය කර ඇත.

පවතින මෝසම් වර්ෂාව සමග ඇතිවිය හැකි ආපදා හානි අවම කරගැනීම සදහා අවධානය යොමු කිරීමටත් කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර යම් ආපදා තත්ත්වයක් වාර්තා වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 දුරකථන අංකයට අමතන මෙන් තවදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.