Spread the love

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරයි.

දිවයින ආශ්‍රිතව සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝල තත්ත්වයක් පවතී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (18) පස්වරු 1.00 සිට හෙට රාත්‍රී 11.30 වන තෙක් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය වලංගු වන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල සහ මුලතිව්, වව්නියා සම මන්නාරම දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.