Spread the love

ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබදව පැවති අඩු පීඩන කලාපය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, මේ වනවිට දකුණු-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වීමේ වැඩි හැකියාවක් පවතිනයි.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාවද පවතියි.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම දෙපාර්තුමේන්තුව පවසයි..