Spread the love

 මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාන්තා දින සැමරුම් ජාතික උත්සවයට අද (08) ක්වෙමින් ප්‍රකාශ කළේය.

“කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත. වැදගත් කෙටුම්පත් දෙකක්.”

සෑම වසරකම මාර්තු 08 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි. මෙවර එහි ජාත්‍යන්තර තේමාව වන්නේ

” කාන්තාවන් සඳහා ආයෝජන කරන්න – ප්‍රගතිය වේගවත් කරන්න ” යන්නය.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී,  ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු මෙරට ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණි. ”ඒ, ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන්න තේමා කරගනිමිනි.