Spread the love

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා පෙරලිමෙන් අනතුරක් සිදු වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

කොටගල සිට හැටන් දක්වා කාන්තාවක් විසින් ධාවනය කල ත්‍රිරෝද රථය හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයේදි මාර්ගය හරහා පෙරලිමෙන් මෙම අනතුර සිදු වි ඇත.

ත්‍රිරෝද රථය අනතුරට පත් අවස්තාවේ ත්‍රිරෝද රථය තුල රියදුරු සහ ඇයගේ ළමුන් දෙදෙනා ගමන් කර ඇති බවත්, අනතුරෙන් තිදෙනා සුළු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසිය.

අනතුර සිදු වන ආකාරය ඒ අසල පිහිටි වෙලදසැලක ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි.