Spread the love

මුරුතවෙල ගිණිපෙට්ටි පාලම අසල පලුගහහේන මාර්ගයේ තම දරු දෙදෙනා සමග පාගමනින් ගමන් කල කාන්තාවක ගෙල බැදි රුපියල් 170000 ක් (එක් ලක්ෂ හැත්තෑදහසක්) වටිනා රන්මාලය යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු විසින් කඩාගෙන පලාගොස් ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි .
සිද්ධිය වී ඇත්තේ ඊයේ(7) දහවල් දහවල් එකට පමණය. අදාල කාන්තාව පාසැල නිමාවූ පසු සිය දරුවන් දෙදෙනා සමග නිවසට පැමිණෙමින් සිටියදී මෙලෙස කොල්ල කෑමට ලක්ව ඇතැයි පොලිසිය පවසයි .
රන්මාලය හිමිකාරිය ජූලම්පිටිය ,පල්ලෙ ජූලම්පිටිය ,පලුගහහේනේ පදිංචි කාරියෙකි.
යතුරු පැදියේ පැමිණි කොල්ලකරුවන් ගමේ පොල්කඩන පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු විමසා ඇයගේ රන්මාලය කඩාගෙන ඇතැයි පොලිසිය පවසයි . වීරකැටිය පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .