G20 පොදු යාන්ත්රණයට ඇතුළත් නොවුවද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රගතියක් ලබමින් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
එම ක්‍රියාවලිය වේගවත් විය යුතු අතර සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ ණය ගැති රටවලට යම් සහනයක් හිමිවිය යුතු බවයි එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් සඳහන් කළේ.
අමෙරිකාවේ, වොෂින්ටන් හී පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවකදී ඇය මේ බව ප්‍රකාශ කර තිබිණ.