Spread the love

ඔවුන් විසින්ම පනවාගත් තහනම ඔවුන් විසින්ම ඉවත් කරගෙන ඇති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පැනවූ ක්‍රිකට් තහනම ඉවත් කිරීම චිත්‍රපටයක අවසානයක් බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

ක්‍රිකට් තහනම් කිරීමට කටයුතු කළේ, විගණන වාර්තාවෙන් දූෂිතයන් බවට සඳහන් වූ පාලකයන් පිරිස බවයි අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව ඔවුන් විසින්ම පනවාගත් තහනම ඔවුන් විසින්ම ඉවත් කරගෙන ඇති බවත් විගණන වාර්තාවෙන් දූෂිතයන් බවට සඳහන් වූ පිරිස ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් කිරිමට කටයුතු කරන ලෙස වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා