Spread the love

නිමල් රාජපක්ෂ-

වාහනවලින් පිටකරන කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රිජන් ඩයොක්සයිඩ්, දූවිලි අංශු ඇතුළු මිනිස් සිරුරට අහිතකර බැවින්මෙ වායු නිසා මහජනතාව පිළිකා රෝග, ශ්වසන ආබාධ ඇතුළු රෝගාබාධවලට ගොදුරුවනු ඇත .එම නිසා කළු දුම් පිටකරන වාහන වැටලීමේ ක්‍රමවේදයක් දියත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාරත්තුමේන්තුවේ වාහන වායුවිමෝචන වැඩසටහන් අධ්‍යක්ෂ අයි.ජී දසුන් ජනක මහතා පවසයි.

දිනපතා වාහන ලක්ෂ 70ක් පමණ මාර්ධාගවල ධාවනයන වන අතර කොළඹ නගරයේ පමණක් දෛනිකව ධාවනය වන වාහන සංඛ්‍යාව මිලියනයක් පමණ වෙයි.

මෙම සමස්ත වාහන අතරින් 30%ක් පමණ කළු දුමාරය පිටකරන බවට අනාවරණය වී ඇති බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අධික ලෙස කළු දුමාරය පිටකරන ලොරි, බස් රථ ඇතුළු වාහන සම්බන්ධයෙන් වායු විමෝචන අරමුදලේ 070 3500 525 යන වට්ස්ඇප් අංකයට ඕනෑම අයෙකුට පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ මාර්ගයේදී කළු දුමාරය පිටකරන වාහනයේ ඡායාරූපයක්, වාහනය ගමන් කරමින් තිබෙන ස්ථානය සහිතව ඉහත අංකයට වට්ස්ඇප් පණිවුඩයක් යොමු කිරීමෙන් අදාළ වාහනයට විරුද්ධව පියවර ගැනීමට කටයුතු කෙරේ.්‍

නීති පිළිනොපදින අදාළ වාහනවල ආදායම් බලපත්‍රය අසාදු ලේඛනගත කිරීමට කටයුතු කෙරේ. එලෙස අසාදු ලේඛනගත කෙරෙන වාහන වෙනත් අයෙකුට විකිණීම හෝ පැවරීම කළ නොහැකි බවද දසුන් ජනක මහතා පැවසුවේය..

,