Spread the love

රත්නපුර කිරිඇල්ල ඇල්ලගාව ප්‍රදේශයේදී කළු ගඟේ දිය නැමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇල්ලගාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවූ පාසල් දරුවෙක් සහ 23 හැවිරිදි වියේ පසුවූ හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළෙකි.

මළසිරුරු කිරිඇල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර කිරිඇල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.