Spread the love

නිමල් රාජපක්ෂ-

කළුතර , මිල්ලනිය හා දොඩම්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනෙහි පසුගිය වසරේ සිදු කළ වැටලීම් වලින් රුපියල් පනස් ලක්ෂයක දඩ ආදායමක් රජයට ලබා දීමට කළුතර සුරාබදු නිලධාරින් සමත්වු බව සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක ප්‍රදීප් ජයවර්ධන මහතා පවසසි.
මෙහිදි නිති විරෝධි මත්පැන් ජාවාරම් කරුවන් කොටුකර අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් තිස්හත් ලක්ෂයක දඩ ආදායමක් ද , බලපත්‍ර ලත් හෝටල් ,ආපනශාලා , රටබීම හල් හා කැරොකි ආපනශාලවල බලපත්‍ර ලාභීන් සිදු කරන වැරදි සදහා කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට ඹවුනගේ පෙරවැරදි සලකා බලා කළුතර සහකාර සුරාබදු කොමසාරිස් සමන්ත කොස්තා මහතාවෙත ඉදිරිපත් කොට රුපියල් පහලොස් ලක්ෂයක සමථ ගාස්තුවක් ද අයකර ගැනීමට සුරාබදු නිලධාරින් සමත්වි ඇත.
මෙම වැටලිම් සිදු කිරීමේදී නිවසක මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් දැඩි පරීශ්‍රමයක් යොදා කොටු කරගැනීමට සමත්වු බවද කළුතර සුරාබදු ස්ථානාධිපතිවරයා පැවසුවේය.
බස්නාහිර පලාතා 11 සහකාර සුරාබදු කොමසාරිස් සමන්ත කොස්තා මහතාගේ උපදෙස් මත, කළුතාර සුරාබදු අධිකාරී සුගත් කොලොන්න මහතාගේ අධීක්ෂනය යටතේ , කළුතර සුරාබදු ස්ථානාධිපති ප්‍රදීප් ජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් , සුරාබදු පරික්ෂක ධම්මික චතුරංග , සැරයන් සමන්ත , කෝප්‍රල් වරුන්වන කුමාර්, ජයසුරිය, නියාමක රාජපක්ෂ , නියාමිකා ලක්මිණි, රියදුරු ප්‍රසාද් වරුණ ද සිල්වා යන මහත්වරු මෙම වැටලිම් සිදුකළහ.
තවදුරටත් අදහස් දැක්වු ප්‍රදීප් ජයවර්ධන මහතා ,