Spread the love

කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ඇල්ලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට දඩයක්කරුවකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් රාත්‍රියේ පත්තුවීමෙන් කිලිනොච්චිය, ධර්මපුරම් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ඇති බව ධර්මපුරම් පොලිසිය පවසයි.

නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් කිලිනොච්චිය වැටලීමකට ගිය අවස්ථාවේ මත්පැන් නිශ්පාදනය කළ ස්ථානය අසල අටවා තිබූ බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පොලිස් කොස්තාපල් වරයාට තුවාල සිදුව ඇත.

ඒහිදී තුවාල ලැබූ කොස්තාපල් වරයා ධර්මපුරම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට මාරුකොට යවා ඇත.

එලෙස තුවාල ලබා අ‍ැත්තේ ධර්මපුරම් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 37 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර බඳින තුවක්කුව අටවන ලද්දේ කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති බවත් ඒ් පිළිබඳව පරික්ෂණයක් අරඹා ඇතැයිද කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.