Spread the love

.

ලංකාවේ සංවර්ධිත ජාතික රෝහල් ලෙස මෙරට පවතින්නේ කොළඹ ජාතික රෝහල සහ මහනුවර ජාතික රෝහල ට අමතරව .කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත

එබැවින් කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කරාපිටිය රෝහලේ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ වෛද්‍යවරු, හෙද හෙදියන් ආදිය පුහුණුකිරීමේ කටයුතුවලට මේ වන විටත් වැඩි දායකත්වයක් ලබා දී තිබේ.

එසේම රුහුණු විශ්වවිද්‍යාලයේ සායනික පුහුණුව ලබාදෙන රෝහල ලෙස කරාපිටිය රෝහල වසරකට 1,000කට වඩා වෛද්‍ය සිසුන් ප්‍රමාණයකට පුහුණුවීම් ලබා දී ඇත.

මේ අතර පොතුවිල් මුලික රෝහල මධ්‍යම රජයට පවරාගෙන වෛද්‍ය සංචාරක ව්‍යාපාරය සඳහා සංවර්ධනය කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.