Spread the love

නාගොඩ- සුමන

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්‍ය මණ්ඩලයේ සේවකයෙකුට සහ සේවිකාවකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විශේෂඥ වෛද්‍යවරයා ඇප මත මුදා හරින ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා පැවසීය.

විශේෂඥ වෛද්‍යවරයා අද (22) පෙරවරුවේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ එම නියෝගය නිකුත් කෙරිණි.

එම විශේෂඥ වෛද්‍යවරයා කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා වාට්ටුව භාරව කටයුතු කරයි.

පසුගිය 18 වැනිදා සැකකාර වෛද්‍යවරයා ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අවස්ථාවේ අද දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පොලීසියට නියෝග කොට තිබිණ.