Spread the love

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල දිවා කාලයේ පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාව දැඩි ලෙස පිඩාවට පත් වි ඇත.

අළුයම් කාලයේ අධික සීතල කාලගුණ තත්ත්වයක් පැවතියද දිවා කාලයේදි අධික උෂ්ණ කාලගුණයක් පැවතිමත් සමග බගවන්තලාව ප්‍රදේශය පුරා දුමාරයක් සහිත කාලගුණ තත්ත්වයක් පැවතිම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස පිඩාවට පත් ව සිටී.

පවතින අධික වියළි කාලගුණ තත්ත්වය නොතකා හැටන් ප්‍රදේශයේ ඇතැම් වතු ආශ්‍රිත ප්‍රාථමික අංශයේ පාසල් වල සිසු සිසුවියන් සහභාගි කර ගනිමින් වාර්ෂික ක්‍රිඩා උත්සව පවත්වන අයුරුද දක්නට ලැබින.