Spread the love


නිමල් රාජපක්ෂ-

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් ජුනි මස 19 වන දින සිට ජුලි මස 04 වන දින දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් වස තැබීමට සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා නියෝග කොට ඇත.

අදාල කාලසීමාව තුළ ඌව පලාත නියෝජනය කරන සුරාබදු නිලධාරී කන්ඩායම් ඇසල උත්සව භූමිය සහ අවට ප්‍රදේශ වල රාජකාරියේ යෙදවීමට කටයුතු යොදා ඇති අතර ඇසල උත්සව කාල සීමාව තුළ ඇසල උත්සව භූමිය මතින් තොර කලාපයක් බවට පත් කිරීම සදහා අවශ්‍ය සියලු පියවර ගැනීමට පියවර ගැණේ.
කතරගම දේවාල පුදබිම තුළ සහ ආසන්න ප්‍රදේශ වල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සදහා සුරාබදු මූලස්ථානයේ පිහිටි සුරාබදු මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සදහා විවෘතව තැබෙනු ඇත.

ඵෙතිහාසික රුහුණු කතරගම දේවාලයෙහි ඇසළ උත්සවය සදහා සහභාගී වෙන බැතිමතුන් කිසිවෙකුටත් මත්පැන් හා මත්ද්‍රව්‍ය මෙම පූජාභූමිය තුළට ගෙන ඒම සපුරා තහනම් වන අතර පූජාභූමිය මතින් තොර කලාපයක් ලෙස පවත්වා ගැණීම සදහා සහායවන ලෙස සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,අතිරේක සුරාබදු කොමසාරිස් (ආදායම් මෙහෙයුම්හා නිති ක්‍රියාත්මක කිරීම් ) ආචාර්ය කපිල කුමාරසිංහ මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.