Spread the love

රුහුණු කතරගම දේවාලයේ රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී. රත්නායක ඇපමත මුදා හැරීමට නියෝග කර ඇත.

ඒ අනුව ඔහු තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීටමන් අනතුරුව ​ලක්ෂ 05ක ශරීර ඇප 02ක් මත ඔහුව මුදාහරින ලෙස නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම සැකකාර කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා​ට සෑම මසකම අවසන් ඉරිදා දින කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කර තිබේ.