Spread the love

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයෙන් ඉදිවන මහරගම අපේක්ෂා රෝහලේ මහල් 04කින් යුත් වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් මේවන විට අවසන් අදියරේ පවතින බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසීය.

එම කටයුතු අවසන් වීමෙන් පසුව මහල් 07ක ඇදන් 500කින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලසුම් කර ඇතිබව පැවසීය.

එම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මෙවර ඇසළ පෙරහැර මංගල්ලය සඳහා කතරගම පූජා භූමිය සදහා පැමිණෙන සැදැහැවතුන්ගෙන් ආධාර බලාපොරොත්තු වන බව පැවසීය.

එම ආධාර මුදල් මගින් වසර 02ක් තුළ එම ගොඩනැගිල්ල සාදා නිමකිරිමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් පැවසීය.