Spread the love

ජනාධිපතිවරණය හැකි ඉක්මනින් ප්‍රකාකාශයට පත් කරන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඉල්ලීමක් කරයි.

ඒ අනුව මැතිවරණ කොමිසම ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට කල් ගැනීම හේතුවෙන් ජනාධිපති කාර්යාලය හරහා මුදල් බැර කරමින් රජයේ අමාත්‍යාංශ තමන්ගේ අපේක්ෂකයා ප්‍රවර්ධනය සඳහා විවිධ කාර්යයන් සිදු කිරීමට විවිධ බලපෑම් එල්ල වෙමින් බවතින බවයි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය සඳහන් කළේ.

එසේම හැකි ඉක්මනින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන ලෙසයි පැෆ්රල් සංවිධානය ද මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරන්නේ.

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, ජනාධිපතිවරණය මේ මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.