Spread the love

කොළඹ වරායේ ගොඩගැසී තිබූ ඖෂධ බහලුම් 26ක් නිදහස් කරගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

වෛද්‍ය සැපයුම් අංශය මගින් එම ඖෂධ රෝහල් වෙත බෙදා හැරීම මේවන විට සිදුකරමින්පවතී

ලිපි ලේඛන වල ප්‍රමාදයන් හේතුවෙන් එම ඖෂධ බහලුම් කොළඹ වරායේ ගොඩගැසී තිබුණි.

විදේශ රටවලින් ආනයනය කරන ඖෂධ නිසි ක්‍රමවේදයන්ට යටත්ව පරීක්ෂා කෙරේ.

ඒ හේතුවෙන් බහලුම් වරායෙන් ඉවතට ගැනීම ප්‍රමාද වූ බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.