Spread the love

ඕනෑ ම ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල සූදානම් බව සභාපතිනී නීතිඥ සාගලා අභයවික්‍රම මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ රජයේ සේවකයන්ට පමණක් නොව පෞද්ගලික අංශය වෙත ද සේවා සැපයීමට අරමුදල සූදානම් බවයි. රක්ෂණ භාර අරමුදලට වසර 18ක් සපිරීම නිමිත්තෙන් එහි නව වෙබ් අඩවිය විවෘත ජාලගත කිරීම සඳහා මූලස්ථානයේ පැවැති උත්සවයකදී ඇය මෙම අදහස් පළ කළා ය.

මෙම වෙබ් අඩවිය මගින් රක්ෂණ භාර අරමුදලේ සියලු සේවාවන් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ ලබාගත හැකි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.