Spread the love

එළඹෙන සතියේ ආණ්ඩු රට පුරා රතිඤ්ඤා දල්වා කිරිබත් කෑමට සූදානම් වන බවටත් තොරතුරු ලැබී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදී ඇතැයි එළඹන 27 හෝ 28 දෙදිනෙන් එක් දිනෙක ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමග මෙම සැමරුම් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයිද ඔහු පැවසීය.

බංකොලොත්භාවයෙන් මිදීමත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොලේ වැද්දගත් සාමාජිකයෙක් බවට පත්ව ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නට යන බවද එමෙන්ම තමන් ජනාධිපතිවරණයට තරග වදින බව ද ජනාධිපතිවරයා ඒ සමගම ප්‍රකාශ කරනු ඇතැයිද ඔහු පැවසීය.

කෙසේ වෙතත් රටක් බංකොලොත්ද නැද්ද යන්න තීරණය ප්‍රකාශයට පත් කරන්නෙ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතන බවත් පැවසූ මන්ත්‍රීවරයා ජනතාවට රටට බොරු නොකියන්නයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.