Spread the love

දෙහිවල සත්තුවත්තේ සිටි ජිරාෆ් සතෙකු ලබාදුන් එන්නත් මාත්‍රාවක් වැඩිවීමෙන් මියගොස් ඇති බව වාර්තා වෙයි.

සත්වයා දින කිහිපයක සිට පාදය ආබාධයට ලක්ව සිට ඇති අතර ඒ හේතුවෙන් පෙරේදා දිනයේ එන්නතක් ලබාදී තිබේ.

ඉන් පසු සතා සෙම දමමින් බිම ඇද වැටී ඇති අතර ඊයේ දහවලේදී ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු වී ඇත.

ඒ අනුව ඔසවා ප්‍රතිකාර කිරීම සඳහා එසවීම් යන්ත්‍රයක් ගෙනාවත් ඒ වන විට සතා මියගොස් තිබිණ.

එන්නත් මාත්‍රාව වැඩිවීම හේතුවෙන් මෙම මෙසේ සත්වයා මිය යන්නට ඇතැයි සත්වෝද්‍යානයේ සේවකයන් සැක කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලද බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම ජිරාෆ් සතාගේ මරණයත් සමග සත්වෝද්‍යානයේ ඉතිරි වී සිටින්නේ එකම එක් ජිරාෆ් සතෙකු පමණි.