Spread the love

නිමල් රාජපක්ෂ-

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ගුවන් සමාගම වන එතිහාඩ් (Etihad) එයාර්වේස් ගුවන් සමාගම දැනට පවතින දිනපතා ගුවන් ගමන්වාර 10 වෙනුවන්ට මැයි 1 වනදා සිට කොළඹට ගුවන් ගමන් වාර ගණන 13 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත.
එනම් සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල ගුවන් ගමන් 2 ක් සහ බදාදා දින එක ගුවන් ගමනක් ලෙසයි. එමෙන්ම 2024 ජුනි 15 දින සිට සතියකට තම ගුවන් ගමන් වාර 20 ක් දක්වා වැඩිකර ඇත. එනම් සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා යන දිනවල ගුවන් ගමන් 03ක් සහ බදාදා දින එක ගුවන් ගමනක් ලෙසයි.

මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නංවාලීමට සහ මැදපෙරදිග සහ ලෝකයේ අනෙකුත් ප්‍රධාන ගමනාන්ත වෙත ගමන් කිරීමට සුවිශේෂී දායකත්වයක් වනු ඇත.

එමෙන්ම මෙම ගුවන් සමාගමේ අභිලාෂයන් වන්නේ තම ගුවන් ගමන් මෙහෙයුම් වැඩිදියුණු කිරීම සහ එහි අමුත්තන් සඳහා වඩාත් නම්‍යශීලී සංචාරක විකල්ප ලබා දෙමින් අබුඩාබි හි ගෝලීය ප්‍රවේශය තවදුරටත් ඉහළ නැංවීමයි.

එතිහාඩ් (Etihad) එයාර්වේස් හි ආදායම් සහ වාණිජ ප්‍රධාන නිලධාරී එරික් ඩී මහතා පැවසුවේ, “මෙම නවතම ගුවන් ගමන් අබුඩාබි හි අපගේ බාධාවකින් තොරව සහ ප්‍රායෝගික සම්බන්ධතා සමඟ සමපාත වී ඇති අතර, අපගේ වර්ධනය වන ගෝලීය ජාලය අපගේ අමුත්තන්ට ගැලපෙන වේලාවක ඔවුන්ට අවශ්‍ය තැනට පියාසර කිරීමට වැඩි අවස්ථාවන් ලබා දෙන බවයි. එමෙන්ම එය ඔවුන්ට ඔවුන්ගේ ගමනේ අනිවාර්ය අංගයක් ලෙස අබුඩාබියේ අපූරු සංචාරයක් හෝ නැවතීමක් භුක්ති විඳීමට පහසු කරන බවද වැඩිදුරටත් පවසන ලදි.