Spread the love

“සියල්ල ඉන්දියාවට…”

දැන් ටෙලිකොම් එක ඉන්දියානු සමාගමකට දෙන්න යනවා. විදුලි බල මණ්ඩලය කෑලි කඩලා ඉන්දියානු සමාගම්වලට දෙන්න හදනවා. මන්නාරමේ සුනිත්‍ය විදුලි බල ව්‍යාපෘතිය අදානිට දෙනවා. එමගින් නිපදවනු ලබන විදුලි ඒකකයක් මිලදී ගනු ලබන්නේ අවුරුදු පනහක් යන තෙක් රුපියල් පනහකටයි. සුළං බලයෙන්, හිරු එළියෙන් නිපදවනු ලබන විදුලි ඒකකයක් රුපියල් පනහකට මිලදී ගත යුතුද? සාමාන්‍ය අයකුගෙන්, වහලයක සවි කරන ලද සූර්ය පැනලයකින් නිපදවන විදුලි ඒකකයක් මිලදී ගන්නේ රුපියල් 30-35කට. නමුත් අදානිගෙන් මිලදී ගන්නේ රුපියල් පනහකට. ඒ විතරක් ද? හරීන් ප්‍රනාන්දුම ඉන්දියාවේදී කියනවානේ, ‘ඔයාලාට අපි එයාපෝට් තුනක් දෙනවා. වරායවල් දෙනවා’ කියා. මේ සියල්ලම දුන්නාම අපට මොනවාද ඉතිරි වෙන්නේ? මේ පාර්ලිමේන්තුවද? අවසානයේ ඒකත් ඉතිරි වෙන්නේ නැහැ.