Spread the love

නිමල් රාජපක්ෂ

දුම්රිය ආරක්ෂක නිලධාරීන් හා උපනියාමකවරුන් අද පෙරවරුවේ ඇතිවු ගහ ගැනීමක් හේතුවේන් මේ වනවිට උප නියාමක වරු සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් කාර්යාල දුම්රියයන් විශාල ප්‍රමානයක් ධාවනය කිරීමට නොහැකිව අවලංගු කිරීමට සිදු වී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව් .ඩි.ඒ .එස් . ගුණසිංහ මහතා පවසයි .
නමුත් බලවේග කට්ටල දුම්රිය අංගනයෙන් එළියට ගැනීමේදි ගැටලු පැන නැගි ඇති බවත් දැඩි පරිශ්‍රමයක් යොදා නති බලවේග කට්ටල ධාවනයට එක් කිරීිමට දැඩි උත්සාහයක් දරණ බවට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසසයි.
ආරක්ෂක නිළධාරීන් සමගින් ගහැ ගැනීමට විරුද්ධව මේ වනවිට දුම්රිය දෙපාර්තුමේන්තුව පැත්තෙන් පරික්ෂණයක් දියත් කර ඇත. උප නියාමක වරුන් එක්වරම අසනීප වාර්තා කරමින් සේවයට වාර්තා නොකිරීමහේතුවේන දුම්රිය ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින් ඹවුන්ට විරුද්ධව දැඩ විනයානු කූලව ක්‍රියාමාර්ගයක් ගන්නා බවද දුම්රිය සාමාන්‍යාධිකාරි වරයා පැවසුවේය.
මේ වනවිට දුම්රිය ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවී ඇතැයිද දුම්රිය පාලක මැදිරිය පැවසුවේය.මේ වනවිට මුහුදු බඩ මාර්ගයේ ගාලු කුමාරි දුම්රියත් ,ප්‍රධාන මාර්ගයේ නුවර දක්වා ධාවනය නව සිග්‍රගාමී දුම්රියත් පමණක් ධාවනය වු බව කොටුව දුම්රිය ස්ථානයෙන් පැවසුවේය. කොටුව දුම්රිය ස්ථානයේ හා මරදාන දුම්රිය ්ස්ථානයේ නිවෙස් බලා ගමන් කිරීමට පැමිනී මගීන් දහස් ගණනක් සිටින බවද දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි.