Spread the love

සම්බුදු තෙමඟුල සමරන උතුම් වූ වෙසක් පුර පසලොස්වක් පොහොය දිනය අදයි..

එදා ලෝක වාසීන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කළ අප මහා බුදුරජාණන් වහන්සේ 80 හැවිරිදි වියේ දී පරිනිර්වාණය කළේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ දී යි.

මෙම තෙමඟුල සිදු වුණේ අදවන් (23) වෙසක් පුන් පොහෝදිනක දී බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.

මෙම සම්බදු තෙමඟුල නිමිති කර ගනිමින් ලක්වාසී ලෝකවාසී බෞද්ධ සැදැවතුන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් ගෙන් බුදුන් වහන්සේ පුදයි.