විශේෂයෙන් සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ දී කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළෙදපළට සැපයීමට පියවර ගන්නා බවත් , අවම මිලකට කුකුළු මස් හා බිත්තර ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි
උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර මිල සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පසුගිය සිකුරාදා (29) පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කළේය.
එමෙන්ම මෙරටට වාර්ෂිකව අවශ්‍ය මව්සතුන් සංඛ්‍යාව 85,000ක්ව වුවත් මේ වනවිට සියලු කුකුළු ගොවිපළවල සිටින මව්සතුන් සංඛ්‍යාව 135,000 ඉක්මවා ගොස් ඇත. සියලුම කුකුළු ගොවිපොළවල කුකුළු පැටවුන්ගේ ධාරිතාවය සියයට සියයකින් සම්පූර්ණ කර තිබේ.
එමෙන්ම කොවිඩ් 19 වසංගත සමයේ දී වසා දමන ලද කුකුළු ගොවිපළ සියල්ල ද මේ වනවිට සක්‍රිය ව පවතී.
එමනිසා ඉදිරි කාලය තුළ දේශීය කුකුළු බිත්තරයක මිල රුපියල් 35ටත් වඩා අඩු වීමට ඉඩ ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.