Spread the love

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවීමෙන් තුවාල ලැබූ එහි රැඳවියන් පිරිසක් සහ සෙබළෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇත.

ගැටුම හටගෙන ඇත්තේ ඊයේ අලුයමයි. එහිදී පළාගිය රැඳවියන් පිරිසක් විසින් සෝමාවතිය වන්දනාවේ පැමිණි බස් රථයක් පැහැරගැනීමට උත්සාහ දැරීම සහ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් පනස් දහසක මුදලක් සහ ජංගම දුරකථන දෙකක් පැහැරගෙන ගොස් ඇතැයිද වාර්තාවෙයි.
මෙම සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට රැඳවියන් 34 දෙනෙකු මේ වනවිට වැලිකන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.