උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට ඊයේ රාත්‍රියේ පස් කණ්ඩියක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට මේ වනවිට බාධා එල්ල වී ඇතියි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.