Spread the love

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය Hossein Amir-Abdollahian මහතා ඇතුළු 20 දෙනෙකුගෙන් පමණ සමන්විත දූත පිරිස තෙදින නිල සංචාරයක් සඳහා (19) රාත්‍රී දිවයිනට දිවයිනට පැමිණ ඇත.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිගේ ආරාධනයක් මත දිවයිනට පැමිණි ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන 21 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.

එම සංචාරයේ දී ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.