Spread the love

ඉන්දියාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා (Influenza) A වෛරසයේ උප වර්ගය වන H3N2 ආසාදිත රෝගීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඉන්දියාවේ හර්යානා සහ කර්නාටක ප්‍රාන්තවල පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස මිය ගොස් ඇති බව සඳහන්.

මෙම වෛරසය ආසාදිත රෝගීන් 90ක් පමණ දැනට හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ් වෛරසයේ රෝග ලක්ෂණ මෙහිදීද පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කර ඇත්තේ.

මෙම වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සඳහා නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙය කොරෝනා වෛරසය මෙන් ලොව පුරා පැතිර යාමේ අවදානමක් ඇති බවද බලධාරීන් පෙන්වා දෙනවා.