Spread the love

ජාතික ජන බලවේගය සමඟ ඉන්දියාව ගනුදෙනු කරන්නේ ඉදිරියේදී තම පක්‍ෂයේ ආණ්ඩුවක් එනු ඇතැයි බලාපොරොත්තුවෙන් බව එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

‘ඉන්දීය විරෝධය යන සංකල්පයම වැරදියි. අපි කොහොමද රටකට විරුද්ධ වෙන්නේ. අපිට එහෙම වෙන්න බෑ. එනිසා ප්‍රතිවාදින් මේ පිළිබඳව කලබල වීම ගැන අපි කලබල වෙන්න වුවමනාවක් නෑ’ යයිද ඇය කියා සිටි.

ඇය මේ බව කියා සිටියේ කොළඹදී මාධ්‍යවේදීන් අමතමිනි.