Spread the love

දේශපාලන පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රට ආර්ථික වශයෙන් ගොඩනැගීමට මිස පක්ෂයට අවශ්‍ය ලෙස රටේ ආර්ථිකය සකස් කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පක්ෂවල වුවමනාවන්ට අනුව රටේ ආර්ථිකය සකස් කිරීමට ගොස් විශාල අර්බුදයකට රටට මුහුණ දීමට සිදුවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා යළි එසේ නොවීමට නම් සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදිය යුතු බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් නීතීවේදීන් සමඟ පැවති හමුවේදීය.

එදා ඝාතනය කෙරුණේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් තේරි පත් වූ මන්ත්‍රීවරයෙක්. එදා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තිබූ තැන අද අප අමතක කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන පුද්ගලයා තමයි අගමැතිවරයා විය යුත්තේ. එය නොමැතිනම් වෙනත් අයෙකුට අගමැති ධූරයට පත්විය හැකියි. අගමැතිවරයාගේ නිවසට ගිනි තබා අයින් වෙන්න කියනව නම්, අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස විපක්ෂය කියනවා නම් රටේ ප්‍රජාත්න්ත්‍රවාදයක් තිබෙනවාද කියා අහන්න කැමතියි. එංගන්තය වැනි රටක මෙය සිදුවුවහොත් කුමක් වෙයිද, ඒ නිසා දැන් අපට තිබෙන්නේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමයි.