Spread the love

ඉදිරි පැය 24 තුළ ගාසා තීරයේ සියලුම රෝහල්වල ඉන්ධන සංචිත අවසන් වුවහොත් රෝගීන් දහස් ගණනකගේ ජීවිත අවදානමකට ලක් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ජලය, ආහාර, බලය සහ ඖෂධ හිඟය හේතුවෙන් ගාසා තීරයේ මිනිසුන්ගේ තත්ත්වය නරක අතට හැරෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමින් ඊශ්‍රායල හමුදා ගාසා තීරය ආසන්නයේ තවදුරටත් රැදී සිටින බවයි සඳහන් වන්නේ.

මේ වන විට ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම්වලින් ඊශ්‍රායලයේ 1,400 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ගාසා තීරයේ පුද්ගලයින් 2,450 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. සුන්බුන් අතර පුද්ගලයින් 1000 ක් පමණ අතුරුදහන්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.