Spread the love

ඉදිරි ජනාධිපතිවරණයට තමන් තරග කරන බව ජනාධිපතිත රනිල් වික්‍රමසිංහ මහතා අද පැවති කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව 2024 ජනවාරි මාසයේ සිට ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන බවත් ඒ සදහා අමාත්‍යවරුන්ගේ සහාය ලබාදෙන ලෙසත් ඉල්ලා ඇතැයි ද සඳහන්ය.

මේ අතර පසුගිය සති අන්ත පුවත්පත් වාර්තා කර තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස සාගල රත්නායක මහතා පත්කිරීමට නියමිත බවත් ඒ වෙනුවෙන් ඔහු දැනට දරන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ධූරයෙන් ඉවත්ව ඒ වනුවට වෙනත් පුද්ගලයෙකු පත්වනු ඇති බවත්ය.